ගේබ්‍රියල් සුළි කුණාටුව හේතුවෙන් නවසීලන්තයේ උතුරු දූපත් ආශ්‍රිතව නිවාස 58,000ක් පමණ මේ වනවිට අඳුරේ පවතින විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, ඔක්ලන්ඩ් සහ ආසන්න පළාත්වලට දැඩි වර්ෂාපතනයක් සහ වේගවත් සුළං දහරා ඇතිවී තිබේ.
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඔස්ට්‍රේලියානු කලාපයේ නෝෆ්ලෝක් දූපත් හරහා හමාගිය ගේබ්‍රියල් සුළි කුණාටුව, මේ වනවිට නවසීලන්තයේ උතුරු කලාපයේ පවතී.
සුළි කුණාටුව අද සහ හෙට දිවයිනට ඇතුළු වනවිට සිදුවිය හැකි බලපෑම තවදුරටත් ප්‍රබල විය හැකි බවටද අනතුරු ඇඟවේ.