ගෙවීගිය පැය 24ට ලොව පුරා කොවිඩ් වාර්තාවක් - WHO


ඊයේ දිනයෙන් ගෙවීගිය පැය 24 තුළ ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 230,370ක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙත වාර්තා වී ඇති බවත්, එය මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය බවත් නිවේදනය කරයි.

මීට පෙර පැය 24ක කාලයක් තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වූ සිද්ධීන් පිළිබඳ ඉහළම වාර්තාව පසුගිය ජූලි 10දා ආසාදිතයන් 228,102ක් ලෙස සනිටුහන් වී තිබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ගෙවීගිය පැය 24 තුළ ලොව පුරා වෛරසයෙන් නව මරණ 5,285ක් සිදුව තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව අද (13දා) උදෑසන වනවිට ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත 568,014ක් වාර්තා වන අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 12,866,958ක් ලෙස වාර්තා වෙයි.



Recommended Articles