ගෙවීගිය දින ඔස්ට්‍රේලියාවේ නව කොරෝනා මරණ 19ක්


ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ ගෙවීගිය දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 322 දෙනෙකු වාර්තා වී තිබේ.

එරට දෙවැනි වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය ලෙස සැලකෙන වික්ටෝරියා ප්‍රාන්තය තුළ එම දිනය තුළ නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 19ක්ද සිදුව ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.

කොවිඩ්-19 වෛරසයේ දෙවැනි රැල්ලෙන් බැටකන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නගරයේ මේ වනවිට දැඩි සීමාවන් පනවා තිබේ.

එහි රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවා ඇති අතර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ඒමට වෙළෙඳ සැලකට යාමට අවසර ලැබී ඇත්තේද එක් අයෙකුට පමණි.

මෙවැනි දැඩි නීතිරීති මධ්‍යයේ පවා එරට ආසාදිතයන්ගේ වැඩිවීම, වෛරසය සම්බන්ධයෙන් අවධානය අඩුකර නොගෙන කටයුතු කිරීමට වඩාත් හොඳ පණිවුඩයක් බවත්, මුඛ ආවරණ පැලඳීම, අත් සේදීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම වැනි සෞඛ්‍ය පුරුදු අත්නොහැරීමට අවධාරණය කෙරෙන්නක් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.



Recommended Articles