ගෙවීගිය දින ඇමෙරිකාවෙන් ආසාදිතයන් 25,000 ඉක්මවයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ ගෙවීගිය පැය 24ක කාලය තුළ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් 25,060ක් වාර්තා වී ඇති අතර, නව මරණ 1,224ක් වාර්තා වී තිබේ.

ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අවම වශයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයන් 1,467,884ක් මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, වෛරසය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 88,754ක් එහි මියගොස් තිබේ.

ඇමෙරිකාවේ වැඩිම මරණ වාර්තා වන ප්‍රාන්තය ලෙස නිව්යෝක් ප්‍රාන්තයෙන් මරණ 28,049ක් වාර්තා වන අතර, නිව් ජර්සි ප්‍රාන්තයෙන් මරණ 10,261ක් වාර්තා වෙයි.

මේ වනවිට එරට ප්‍රාන්ත 50 පුරාමත්, කොලොම්බියා දිස්ත්‍රික්කයේ සහ අනෙකුත් එක්සත් ජනපද බලප්‍රදේශවලත් ආසාදිතයන් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles