ගෙවීගිය සතිය තුළ පමණක් බ්‍රසීලයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයන් 260,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද දෛනික සංඛ්‍යාවන් පැහැදිලි කරයි.
එම දත්තවලට අනුව පසුගිය දින හත තුළ බ්‍රසීලය ආසාදිතයන් 261,683ක් වාර්තා කර තිබේ. ඊයේ (13දා) දිනයේදී අමාත්‍යාංශය විසින් දෛනික ආසාදිතයන්ගේ 20,286ක ඉහළ යාමක් වාර්තා කළ අතර, මේ සමග රටේ තහවුරු වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,884,967ක් බවට පත්ව තිබේ.
අමාත්‍යාංශය විසින් ඊයේ (13දා) කොවිඩ් -19 වෛරසය ආශ්‍රිත මරණ 733ක් වාර්තා කර ඇති අතර, මේ සමග බ්‍රසීලයේ සමස්ත මරණ සංඛ්‍යාව 72,833ක් දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය සතියේ වාර්තා වූ නව සිද්ධීන් අතර, බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝද අඟහරුවාදා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ අතර, ජනාධිපතිවරයා මේ සතියේදී තවත් පරීක්ෂණයකට බඳුන් වන බව ඔහුගේ නිල වෛද්‍යවරයා සඳහන් කළේය.