කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීමට ගෙදරදී මැසූ මුඛ ආවරණවල ඵලදායීතාව සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී තක්සේරුවක් ලබාදිය නොහැකි බව ඇමෙරිකාවේ ජාතික විද්‍යා, ඉංජිනේරු හා වෛද්‍ය විද්‍යා ඇකඩමිය ධවල මන්දිරයට ලිපියක් යවමින් ප්‍රකාශ කරයි.
පුද්ගලයෙකුට රෝග ලක්ෂණ රහිත හෝ පූර්ව රෝග ලක්‍ෂණ ඇතිවිට කොරෝනා වෛරසය පැතිරීමෙන් ආරක්ෂා වීම සඳහා මිනිසුන් ගෙදරදී මැසූ මුඛ ආවරණයක් හෝ පැළඳිය යුතු බවට රට තුළ පවතින නිර්දේශය පිළිබඳව ජාතික ඇකඩමි මෙමගින් මගපෙන්වීමක් ලබාදී තිබේ.
එහිදී මුඛ ආවරණයක් කොතරම් හොඳින් ඵලදායී වන්නේද, නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහ පුද්ගලයා වෙනත් පූර්වාරක්‍ෂක හැසිරීම් අනුගමනය කරන්නේ කෙසේද යන්න මත රඳා පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් කොවිඩ්-19 වෛරසය පැතිරෙන ආකාරය
පර්යේෂකයන් විශ්වාස කරන්නේ කොවිඩ්-19 මූලික වශයෙන් පැතිරෙන්නේ යමෙකු කැස්ස හෝ කිවිසුම් යාම හරහා ඇතිවන විශාල ජල බිඳිති හරහා බවයි. නමුත් එය මයික්‍රෝන 5ක් තරම් කුඩා නොපෙනෙන ජල බිඳිති හරහා ව්‍යාප්ත වන බවද මේ වනවිට විශ්වාස කෙරෙයි. එනම් ආසාදිතයෙකු හුස්ම ගන්නා විටද එම අංශු පිටවීමේ හැකියාවක් පවතී. එනමුදු, මෙම කුඩා අංශු මගින් රෝගය පැතිරෙන්නේ කෙසේදැයි නොදන්නා බව එම ලිපියේ සඳහන් වේ.
ගෙදර මැසූ මුඛ ආවරණවල ඵලදායීතාව පිළිබඳ අධ්‍යයනයන් සීමිතය
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් නොකළ එක් අධ්‍යයනයකින් පෙන්නුම් කළේ ඝනකම මුඛ ආවරණයක් වඩා හොඳ ආරක්ෂාවක් ලබාදෙන බවය. නමුත් පරීක්ෂා කරන ලද එවැනි ඝනකම මුඛ ආවරණයක් පැළඳ සිටින්නාට විශාල අපහසුවක් ගෙනදෙන අතර, ඔහුට හෝ ඇයට හුස්ම ගැනීමට පවා අවහිරතා ඇති කරයි.
ඒ අනුව ගෙදර මැසූ මුඛ ආවරණ කොතරම් හොඳින් ගැලපේද යන්න පිළිබඳව කිසිදු පැහැදිලි අධ්‍යයනයක් මෙතෙක් කර නොමැති බව එම ලිපියේ සඳහන් වේ. කෙසේ වෙතත් නුසුදුසු මුඛ ආවරණයකින් ජල බිඳිති කාන්දු විය හැකි බවත්, එවැන්නක් පැළඳ සිටින පුද්ගලයෙකුට දහඩිය දැමුවහොත්, ඒ තෙතමනය තුළ වෛරසය රැඳී එය පැළඳ සිටින්නාට ආසාදනය වීමේ ප්‍රභවයක් බවට පත්විය හැකි බවත් කියයි.
දහඩියට අඳින ෂර්ට්, ටීෂර්ට්, තුවා, ස්කාෆ් මෙන්ම රෙදි වලින් සාදන ලද මුඛ ආවරණ දෙස බැලූ තවත් අධ්‍යයනයකින් හෙළි වී තිබුණේ, නැනෝ අංශුවලට එරෙහිව යම් මට්ටමක පහළ ආරක්ෂාවක් පමණක් ඒවායින් ලැබෙන බවකි. මේ නිසා මුඛ ආවරණයක් තෝරාගැනීමේදී හා පැළඳීමේදී ඔබ වඩාත් අවධානය යොමුකළ යුතු අතර, නිතර මුඛ ආවරණය අතින් ඇල්ලීමක නොකළ යුතුය.
කෙසේ වෙතත් ඔබ කිසිදු මුඛ ආවරණයක් පැළඳීමකින් තොරව සිටිනවාට වඩා, ඔබට යම් තරමකින් හෝ ආරක්ෂාවක් ලබාදීමට ගෙදරදී ඔබ මසාගත් මුඛ ආවරණය පවා හේතු විය හැකිය. මෙම අවස්ථාවේදී වඩාත් වැදගත් වන්නේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම හා නිතර දෙඅත් පිරිසිදුව තබා ගැනීමය. මේ දින කිහිපය නිවසටම වී රැඳී සිටීම වඩාත් උචිතම හා වඩාත්ම යෝග්‍යතම ක්‍රියාමාර්ගය වන්නේ එබැවිනි.