ගුවන්තනාමෝ වයස්ගතම රැඳවියා නිදහස් කරයි


ගුවන්තනාමෝ බේ රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි වයස්ගතම රැඳවියා සෙනසුරාදා නිදහස් කර නැවත පාකිස්තානයට යවන ලෙස එක්සත් ජනපදය නියෝග කර තිබේ.

කිසි දිනක නඩු විභාගයකට ඉදිරිපත් නොකළ හෝ විධිමත් චෝදනාවලට මුහුණ නොදුන් සිරකරුවා අල්කයිඩා සංවිධානයට සම්බන්ධ බවට සැකපිට වසර 20කට ආසන්න කාලයක් රඳවා තබාගෙන සිට ඇත.

75 හැවිරිදි පකිස්ථාන ව්‍යාපාරිකයෙකු වන සයිෆුල්ලා පරචා දශක දෙකකට ආසන්න කාලයක් එක්සත් ජනපද අත්අඩංගුවේ පසුවීමෙන් අනතුරුව මෙසේ නිදහස් විය.

එක්සත් ජනපද බලධාරීන් කියා සිටියේ පරචා අල්කයිඩා "පහසුකම් කරන්නෙකු" වන අතර, ඔහු මූල්‍ය ගනුදෙනුවක් සමඟ ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකුට උපකාර කර ඇති බවය.

කෙසේ වෙතත්, පාකිස්තාන ජාතිකයා නැවත නැවතත් අවධාරනය කර ඇත්තේ ඔවුන් අල්කයිඩාවේ කොටස්කරුවන් බව තමා නොදන්නා බවත්, ත්‍රස්තවාදයට සහාය දැක්වීමට තමා සම්බන්ධ නොවූ බවත්ය.



Recommended Articles