ගුවන් අනතුරින් පසුව ඉරානය ටෙහෙරානය හා සබඳතා අත්හරී


ඉරාන මිසයිලයක් මගින් යුක්රේන මගී ජෙට් යානයක් කඩා දැමීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී ඉරානය යුක්රේනය සමඟ සබඳතා නවතා දමා තිබේ.

මෙම ගුවන් යානය කඩා වැටී ඇති බව මුලින් ඉරානය පවසා සිටියත්, එය මිසයිල ප්‍රහාරයකට ලක්වූ බව වාර්තා වූයේ යුක්රේනය මගින් එය තහවුරු කරගැනීම නිසාය.

එහිදී යුක්රේන රූපවාහිනියක් මගින් මෙම මිසයිල ප්‍රහාරය පිළිබඳ වාර්තා පළ කළ අතර, ඒ සමගම ඉරානය විසින් වෙනතකට හරවමින් තිබූ අනතුරේ සත්‍යය ලොවට හෙළි වන්නට විය.

ජනවාරි 08 වැනිදා සිදුවූ මෙම අනතුරින් එම යානයේ ගමන්ගත් පුද්ගලයන් 176 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

බැග්ඩෑඩ් හි එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඉරානයේ ඉහළ පෙළේ ජෙනරාල් කාසෙම් සොලෙයිමනී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස ඉරාකයේ එක්සත් ජනපද කඳවුරු දෙකකට බැලිස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කරමින් ඉරානය දැඩි අවධානයකට ලක්ව සිටි මොහොතක මෙම අත්වැරැද්ද නිසා ඉරානය ලෝකය හමුවේ දැඩි පසුබෑමකට ලක්විය.



Recommended Articles