නව කොරෝනා වෛරසය හේතුවෙන් ගිවිසුම්ගත පරිදි සිය නිෂ්පාදන සැපයීමට නොහැකි වූ සමාගම් වෙත චීනයේ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රවර්ධන ඒජන්සිය විසින් %නොවැළැක්විය හැකි ආපදා^ ලෙස සහන සහතික නිකුත් කර තිබේ.
අදාළ සමාගම්වල පාලනයෙන් ඔබ්බට ගිය මෙම තත්ත්වය නිසා සිය ගිවිසුම්ගත බැඳීම් ඉටු නොකිරීම සම්බන්ධයෙන් මෙම සහතිකයෙන් සමාව ලබාදිය හැකිය.
පරිපාලන නියෝගය යටතේ නිෂ්පාදනය කල්දැමූ සමාගම්වලටද ප්‍රමාද වී බෙදාහැරීම සඳහා කුඩා ව්‍යාපාරවලට සමාව දෙන මෙම සහතිකය සඳහා ඉල්ලුම් කළ හැකිය.
චීනයේ වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පිළිගත් ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රවර්ධනය සඳහා වූ චීන කවුන්සිලයේ (සීසීපීඅයිටී) මෙම පියවර නිවේදනය කළේය.