ගිනියා රාජ්‍යයේ පසුගිය සැප්තැම්බරයේ සිදුවූ හමුදා කුමන්ත්රණයකින් පසු පොරොන්දු වූ ප්රජාතන්ත්රවාදී පාලනයකට මාරුවීමේ පියවරක් ලෙස හිටපු සිවිල් සේවකයෙකු සහ කෘෂිකාර්මික මුදල් පිළිබඳ විශේෂඥයෙකු වූ මොහොමඩ් බෙවෝගුයි එරට හමුදා ජුන්ටාව විසින් නව අගමැතිවරයා ලෙස නම් කර තිබේ.
එරට ජාතික රූපවාහිනියේ කියවන ලද නියෝගයකින් ඔහුගේ නාමයෝජනා නිවේදනය කරන ලද අතර, බෙවොගුයි විසින් පැහැදිලිව තවමත් අර්ථ දක්වා නැති සංක්‍රාන්ති ආණ්ඩුවක් අධීක්ෂණය කරනු ඇති බව කියයි.
ජනාධිපති ඇල්ෆා කොන්ඩේට එරෙහි සැප්තැම්බර් 5දා දියත් කළ කුමන්ත්රණයේ නායකත්වය දැරූ කර්නල් මාමාදි ඩම්බෝයා පසුගිය සිකුරාදා එරට අන්තර්වාර ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. එහිදී රට තුළ නිදහස් හා විනිවිදභාවයෙන් යුත් මැතිවරණ සංවිධානය කරන බවට ඔහු පොරොන්දු වූ නමුත් කවදාදැයි කීවේ නැත.