සමකාසන්න ගිනියා රාජ්‍යයේ ජනාධිපති පුත්‍රයාට අයත්ව තිබූ අති සුඛෝපභෝගී ස්පෝට් මාදිලියේ මෝටර රථ පෙළක් ස්විට්සර්ලන්තයේදී වෙන්දේසි කර තිබේ.
තියොඩෝරියන් නෙගුඑමා ඔබියෑන්ග් නම් වූ මෙම පුත්‍රයා සම්බන්ධයෙන් සිදුකෙරෙන දූෂණ චෝදනා පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම මෝටර් රථ ස්විට්සර්ලන්ත බලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණි.
ඔහු සිය පියා වන තියොඩෝරෝ ඔබියෑන්ග් නෙගුඑමාගේ රජයේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර, ඔහුගේ පියා වසර 40ක් ජනපති ධුරය හෙබවීය.
ඒ අනුව, ජනපති පුත්‍රයාට අයත් මෝටර් රථ 25ක් මෙම වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ බව ස්විට්සර්ලන්ත බලධාරීහු පවසති.
එම මෝටර් රථ අතර ලැම්බෝගිනී, ෆෙරාරී, බෙන්ට්ලි, රෝල්ස් රොයිස් ආදී මෝටර් රථ පැවති බවත්, ඒවායේ සම්පූර්ණ වටිනාකම යූරෝ මිලියන 17කට වඩා අධික වූ බවත් සඳහන් වෙයි.
මෙම මෝටර් රථ අලෙවියෙන් ලැබෙන මුදල් අන්ත දුගී ජනතාවක් වෙසෙන සමකාසන්න ගිනියා රාජ්‍යයේ පුණ්‍යායතනයක් වෙත ලබාදීමට නියමිතව ඇත.