ගිනිඅවි නැවත රජයට භාරදෙන කිවීන් හොඳ නරක මත දෙකක


ක්‍රයිස්ට්චර්ස් ප්‍රහාරයෙන් පසු අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි තහනමත් සමග නවසීලන්ත වැසියෝ සිය ගිනි අවි යළි රජය වෙත භාරදීමේ වැඩසටහනට සහභාගී වී සිටිති.

පසුගිය මාර්තු මාසයේදී තුවක්කුකරුවෙකු විසින් ක්‍රයිසට්චර්ච් හි මුස්ලිම් දේවස්ථාන දෙකක් වෙත එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම මෙම ක්‍රියාවලියට මූලික විය.

ඒ අනුව, නවසීලන්තය පුරා ගිනි අවි යළි ලබාගැනීමේ වැඩසටහනේ සමාරම්භය ක්‍රයිස්ට්චර්ච් නගරයෙන්ම ඇරඹී තිබුණු අතර, තවත් ස්ථාන 250කට අධික සංඛ්‍යාවකදී මෙය සිදුව තිබේ.

ඒ අනුව, ගිනි අවි 224ක් රජය වෙත නැවත ලබාදුන් 169 දෙනෙකු වෙත වන්දි මුදල් වශයෙන් නවසීලන්ත ඩොලර් 433,600කට වැඩි මුදලක් පිරිනමා තිබේ.

නවසීලන්ත රජය පවසා තිබුණේ මෙම ගිනි අවි ඉන් පසුව විනාශ කරන බවය. මේ අතර, කැන්ටබරි පළාතේ ගිනිඅවි හිමිකරුවන් 900 දෙනෙකු තමන් සතු ගිනි අවි 1,415ක් නැවත රජය වෙත ලබාදීමට අත්සන් කර තිබේ.

මේ අතර, තම අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියට නවසීලන්ත ඩොලර් 13,000ක වන්දි මුදලක් ලැබූවෙකු පවසා තිබුණේ, තමන් කිසිවිටෙකත් එතරම් මුදලක් ඊට ලැබෙනු ඇතැයි විශ්වාස නොකළ බව පවසා තිබුණි. කෙසේ වෙතත්, ඔහු මෙන්ම මේ ආකාරයෙන් ගිනි අවි නැවත ලබාදුන් සියලු දෙනා සතුටු වී නොමැති බවද සඳහන් වෙයි.

එක් ගිනිඅවි හිමිකරුවෙකු පවසා තිබුණේ වසර 100ක් පමණ පැරණි තම සීයාගෙන් ලැබුණු අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියට නවසීලන්ත ඩොලර් 100ක් වැනි සොච්චම් මුදලක් තමන්ට පිරිනැමුණු බවයි.



Recommended Articles