ගිනි කඳු පුපුරද්දී ලා පැල්මා දූපතේ භූ කම්පන මාලාවක්


ස්පාඤ්ඤයේ ලා පැල්මා දූපතේ ගිනි කන්දු පුපුරා යාමෙන් සති පහකට වඩා වැඩි කාලයක් ලාවා වැගිරීමෙන් සිදුවන හානිය තවදුරටත් වැඩිවිය හැකි බවට ඉඟි කරමින්, විශාල භූමිකම්පා ඇතිවීමේ සම්භාවිතාව තහවුරු විය.

ඒ පසුගිය සැප්තැම්බර් 19දා ගිනිකන්ද පුපුරා යාමෙන් පසු ලා පැල්මා භූගතව සිදු වූ භූකම්පන සිය ගණනින් මෙතෙක් සිදු වූ ප්‍රබලතම භූමිකම්පාව වන රික්ටර් පරිමාණ 4.9ක භූමිකම්පාවක් වාර්තා කිරීමෙන් දිනකට පසු, තවත් රික්ටර් පරිමාණ 4.6ක භූමිකම්පාවකින් දූපතම සෙලවී ගිය බැවිනි.

මේ තත්ත්වය තුළ භූමිකම්පා නිසා දූපත් වැසියන්ගේ කනස්සල්ල වැඩිවී ඇති අතර, 26දා සිදුවූ භූමිකම්පාව වයඹදිග අප්‍රිකාවට ඔබ්බෙන් වූ කැනරි දූපත්වලටද දැනී ඇති බව කියයි.



Recommended Articles