ඉන්දුනීසියාවේ ජකර්තා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ මුස්ලිම් පල්ලිය ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුරදී බදාදා ගිනිගෙන ගොඩනැගිල්ලේ ගෝලාකාර කොටස සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත.
දේශීය වේලාවෙන් පස්වරු 3.00ට පසුව ගින්න පිළිබඳව ගිනි නිවන භටයන්ට දැනුම් දී ඇති අතර, අවම වශයෙන් ගිනි නිවන රථ 10ක් එම ස්ථානයට යවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.
එම අවස්ථාවේදී ඉස්ලාමීය මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කරමින් පැවතියද ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ පල්ලිය කඩා වැටීමට පෙර එහි ගෝලාකාර කොටසින් ගිනිදැල් සහ දුමාරය පිටවන ආකාරයයි.