මෙම ශීත ඍතුවේදී ගෑස් හිඟයක් ඇතිවිය හැකි බැවින් ජර්මනියේ පාසල් සහ අනෙකුත් අධ්‍යාපනික පහසුකම් වසා දැමීම වැළැක්වීම සඳහා තීරණාත්මක යටිතල පහසුකම් වර්ග කළ යුතු බව රටේ අධ්‍යාපන අමාත්‍යවරයා තර්ක කරයි.
බ්‍රහස්පතින්දා ජර්මානු පුවත්පතට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, එළඹෙන ශීත ඍතුවේ දී රට ගෑස් අඩු මට්ටමක පැවතුනත් පාසල් සහ විශ්ව විද්‍යාල විවෘතව පවතින බවට වග බලා ගැනීම වත්මන් චාන්සලර්වරයාගේ රජයේ ප්‍රමුඛතාවක් විය යුතු බවයි.
"අධ්‍යාපනික පහසුකම් තීරණාත්මක යටිතල පහසුකම් ලෙස නම් කිරීම සඳහා මම මීට පෙර වසංගතය පැවති කාලයේදීත් උද්ඝෝෂනය කළා" අමාත්‍යවරයා පැහැදිලි කළේය. කෙසේ වෙතත් රුසියාවේ ගෑස් සීමා කිරීමත් සමග ජර්මනියට මෙම අර්බුදයට මුහුණදීමට සිදුවන බව විචාරකයෝ පෙන්වා දෙති.