නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්රාන්තයේ අවුරන්ගාබාද් දිස්ත්රික්කයේ වෙළෙඳසැලක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ගිනි නිවන ඒකක එම ස්ථානයට ගොස් ගින්න මැඬපැවැත්වීමට උත්සාහ කර ඇති අතර, පිළිස්සුම් තුවාල ලැබූවන් අතර පොලිසියේ කිහිප දෙනෙකුද සිට ඇත.
අනතුරට හේතුව පිළිබඳව පරීක්ෂණයක් ක්රියාත්මක බව පොලීසිය පවසයි.