ගාසා තීරයේ රැඳී සිටින හමාස් සටන්කාමීන්ට එරෙහිව වර්ෂ 2014න් පසුව සිදුකරන දැවැන්තම ප්‍රහාරය දියත් කිරීමට ඊශ්‍රායලය කටයුතු කළ බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
ඊශ්‍රායලය වෙත හමාස් සටන්කාමීන් විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරයකට ප්‍රතිචාරයක් ලෙස මෙම දැවැන්ත ප්‍රති ප්‍රහාරය එල්ල කළ බවද හෙතෙම සඳහන් කරයි.
මේ අතර, පලස්තීන රෝහල් ආරංචි මාර්ග පවසා සිටියේ සෙනසුරාදා දිනයේදී එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඊශ්‍රායලයේ සිට එල්ල කෙරුණු රොකට් ප්‍රහාර සංඛ්‍යාව 90කට අධික බවත් මෙහිදී ඊශ්‍රායල් සොල්දාදුවන් තිදෙනෙකුද තුවාල ලබා ඇති බවත් සඳහන් වෙයි.
මේ අතර, ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසන්නේ ඔවුන්ගේ ප්‍රහාර මාලාව හමාස් සංවිධානයේ පුහුණු කඳවුරක්, ආරක්ෂක මූලස්ථානයක්, අවි ගබඩාවක් මෙන්ම රෙකට් විදින කිහිපයක් ඉලක්ක කරමින් එල්ල කෙරුණු බවයි.