ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් යළි ප්‍රබල ප්‍රහාරයක්


වෙඩි ප්‍රහාරයකට ලක්ව ඊශ්‍රායල් සෙබලෙක් ඝාතනය වීමත් සමග ගාසා තීරයේ පලස්තීන හමාස් ඉලක්ක වෙත ප්‍රබල ප්‍රහාරයක් ඊශ්‍රායලය එල්ල කර තිබේ.

ඊශ්‍රායල් හමුදාව පවසා සිටියේ දේශසීමා ආරක්ෂකයන් ඉලක්ක කරමින් එලල් වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ හමුදා සාමාජිකයෙකු පසුව ජීවිතක්ෂයට පත් වූ බවයි.

ඒ අනුව, ගාසා බලධාරීන් පවසා සිටියේ හමාස් සාමාජිකයන් තිදෙනෙකු ඇතුළු පලස්තීන ජාතිකයන් සිව්දෙනෙකු මෙම ඊශ්‍රායල් ප්‍රති ප්‍රහාර නිසා ජීවිතක්ෂයට පත්වූ බවයි.

එම ප්‍රහාරයේදී හමාස් සංවිධානයේ ඉලක්ක 15ක් වෙත ඊශ්‍රායල් හමුදා ප්‍රහාර එල්ල කර තිබුණි.

මෙම ප්‍රහාර මාලාවෙන් පසුව ඊශ්‍රායලය සමග සටන් විරාමයකට එකඟ වූ බව ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානය පවසා සිටියේය.

කෙසේ වෙතත්, මෙම සටන් විරාමය ගැන ඊශ්‍රායලයේ ප්‍රතිචාරය මෙතෙක් නිකුත් වී නැත.



Recommended Articles