ගාසා තීරයේ ඇති වූ ගැටුම් මැද නිල නොලත් සටන් විරාමයක්


ඊශ්‍රායල් හමුදා සහ ගාසා තීරයේ සටන් කණ්ඩායම් අතර දින 2ක් පුරා පැවති දරුණු ගැටුම්වලින් පසුව සටන් විරාමයක් ඇති වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් නායකයෙකු ඝාතනයට ලක්වීමත් සමග ගැටුම් උත්සන්න වී තිබුණි. කෙසේ වෙතත්, මෙම සටන් විරාමය ඊශ්‍රායලය විසින් තහවුරු කර නොමැති බවද විදෙස් වාර්තා පවසයි.

ගාසා තීරයේ හමාස් සංවිධානය පාලනයේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ මෙම ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් 32දෙනෙකු ඊශ්‍රායල් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

තවත් පුද්ගලයන් 63 දෙනෙකු ප්‍රහාරවලින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටියි.



Recommended Articles