ග්‍රීසියේ හදිසියේ ඇති වූ කුණාටු තත්ත්වයක් නිසා 7ක් මරු දකී


උතුරුදිග ග්‍රීසියේ හදිසියේ ඇති වූ සුළි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයන් හත් දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

මියගිය පිරිස අතර සංචාරකයන් හය දෙනෙකු සහ එක් ධීවරයෙකු සිටින බවත් ආරක්ෂක අංශ පවසයි.

එමෙන්ම, මෙම හදිසි සුළි කුණාටුව ඇති වූ ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමටද ග්‍රීක බලධාරීන් පියවර ගෙන ඇත.

විශේෂයෙන්ම, ග්‍රීසියේ වෙරළාසන්න කලාපයේ සිදුවන කාලගුණික වෙනස්වීම්වල පැහැදිලි අවස්ථාවක් ලෙස මෙම හදිසියේ ඇති වූ සුළි කුණාටුව සැලකිය හැකි බව එරට විශේෂඥයන් පෙන්වා දෙයි.

මෙම අසාමාන්‍ය කාලගුණ තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයන් 22 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර, එක් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බවද රෝහල් අරංචි මාර්ග පවසයි.



Recommended Articles