සරණාගතයන් 33,000කට අධික පිරිසක් රැඳී සිටින ග්‍රීසියේ ඒජියන් දූපත්වල පිහිටි විවෘත කඳවුරු වසා දමා වෙනත් තැනක පිහිටුවීමට තීරණය කර තිබේ.
ඒ අනුව, පුද්ගලයන් 1000 ත් 5000ත් අතර පිරිසකට රැඳිය හැකි ආකාරයෙන් නිවාස ඉදි කිරීමට අලුත් ස්ථාන හතර පහක් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට පවතින කඳවුරවල තත්ත්වය අතිශය කනගාටුදායක වන අතර, යුරෝපා කොමිසයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ වනවිට එම කඳවුර තදබදය නිසාම පුපුරා යෑමට ආසන්න මට්ටමක පවතින බවයි.
තුර්කිය හරහා යුරෝපයට ඇතුළු වීමට පැමිණි සරණාගතයන් විශාල වශයෙන් රැඳුනු රාජ්‍යයක් ලෙස ග්‍රීසිය සැලකෙන අතර, ලෝකයේ සරණාගත අර්බුදයෙන් විශාල බැටකෑමකට ලක්වූ රාජ්‍යයද වෙයි.