තුර්කියේ සිට සංක්රමණිකයන් රැගෙන පැමිණි බෝට්ටුවක් ග්රීසියේ ලෙරෝස් දූපතට ඔබ්බෙන් පෙරළී යාමෙන් එහි ගමන්ගත් කාන්තාවක් සහ දරුවෙකු දියේ ගිලී මියගොස් ඇති අතර පුද්ගලයින් 33දෙනෙකු බේරා ගත් බව ග්රීසියේ වෙරළාරක්ෂක බලකාය පවසයි.
ඇසින් දුටු සාක්ෂිකරුවන් වාර්තා කළේ සංක්රමණිකයන් 40දෙනෙකු සමග ඩිංගි බෝට්ටුවක් මෙසේ පෙරළීමට ලක්ව ඇති බවය.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පැවති අතර, ළමයින් හය දෙනෙකු ඇතුළු දිවි ගලවා ගත් අය ලෙරෝස් හි රෝහලට මාරු කර යවා ඇති බව වෙරළාරක්ෂක බලකාය පවසයි.