ග්‍රීසයේ ආසාදනවල නවතම ඉහළ යෑම මැඬපැවැත්වීම සඳහා රජය විසින් මෙම සරත් සමයේ හඳුන්වා දුන් නව කොවිඩ්-19 සීමාවන් යටතේ තවදුරටත් රාජ්‍ය සහාය ඉල්ලමින් ඇතන්ස් නුවරදී කැෆේ සහ අවන්හල් හිමියෝ විරෝධතාවක් පැවැත්වූහ.
සීමාවන් නිසා දහස් ගණනක ව්‍යාපාරවල ආදායම විශාල ලෙස අඩුකර ඇති බවත්, තවදුරටත් රාජ්‍ය සහාය හදිසි අවශ්‍යතාවක් බවත් අවන්හල් සහ ආශ්රිත වෘත්තීන් පිළිබඳ සම්මේලනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වැඩ වර්ජනයක්ද කැඳවමිනි.
ඒ අනුව "ග්‍රීසිය පුරා ආහාර සැපයීම වසා ඇත" යනුවෙන් අවන්හල් සහ හෝටල් දොරවල්වල බැනර් එල්ලා තිබුණි.
විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ එකතු කළ අගය මත බදු (වැට්) අනුපාත 24% හෝ 13% සිට 6%ක් දක්වා අඩු කරන ලෙසත්, කුලී සහනාධාර, නාගරික බදු වලින් නිදහස් කිරීම් සහ ව්‍යාපාර මත පීඩනය ලිහිල් කිරීමත් හරහා ව්‍යාපාර වසා දැමීම් නිසා දහස් ගණනකට සිදුවූ පාඩු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසය.
නොවැම්බර් 9දා සිට ක්‍රියාත්මක වන නවතම ක්‍රියාමාර්ග යටතේ, ගෘහස්ථ හෝ එළිමහනේ කැෆේ සහ අවන්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයන් කොවිඩ්-19 එන්නත් කිරීම හෝ වෛරසයෙන් සුවය ලැබීම පිළිබඳ සාක්ෂි පෙන්වීමට බැඳී සිටී.
එන්නත් නොකළ පුද්ගලයන්ට සිල්ලර වෙළෙඳසැල්, සැලූන්, පොදු සේවා හෝ බැංකුවලට ඇතුළු වීමට පෙර කොවිඩ්-19 පරීක්ෂණයක සෘණාත්මක ප්‍රතිඵලයක් අවශ්‍ය වෙයි.