ග්‍රීසිය පාර්ලිමේන්තු මැතිවරණයක - අගමැතිගේ පක්ෂයට තර්ජනයක්


ග්‍රීසිය නව පාර්ලිමේන්තුවක් වෙනුවෙන් මැතිවරණයට ගොස් ඇති අතර, එහිදී මධ්‍ය දක්ෂිණාංශික විරුද්ධ පක්ෂය විසින් වාමාංශික පාලක පක්ෂයට දැඩි තරගයක් ලබාදෙනු ඇති බව සඳහන් වේ.

ඒ අනුව, කිරියාකෝස් මිට්සොටාකිස්ගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් වත්මන් අගමැති ඇලෙක්සිස් සිප්රාස්ගේ සිරයිසා පක්ෂයේ පාලනය පෙරළා දැමීමට සූදානම් වෙයි.

පසුගිය මැයි මාසයේදී පැවති යුරෝපා මැතිවරණයේ පරාජයත් සමග වත්මන් අමැතිවරයා හදිසි මැතිවරණයක් කැඳවීය.

ඒ අනුව, ග්‍රීසියේ වේලාවෙන් අද පෙ.ව.7.00ට ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹුණු අතර, 2008 වසරේ ගෝලීය ආර්ථික අර්බුදයෙන් පසුව ග්‍රීසියේ පැවැත්වෙන 6 වැනි මැතිවරණය ලෙස මෙය සැලකෙයි.



Recommended Articles