මෙම ගිම්හානයේදී යුරෝපයේ සහ වෙනත් ප්‍රදේශවලට තවදුරටත් සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවට අනතුරු අඟවමින්, මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය හැකි උපරිමයෙන් නැවැත්වීම තුළ මන්කිපොක්ස් වසංගතය පාලනය කිරීම අරමුණු කරගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
ප්‍රකාශයක් නිකුත් කරමින් WHO කියා සිටියේ එහි යුරෝපීය කලාපය "බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ ආවේණික ප්‍රදේශවලින් පිටත මෙතෙක් වාර්තා වී ඇති විශාලතම සහ භූගෝලීය වශයෙන් පැතිරුණු මන්කිපොක්ස් වසංගතයේ කේන්ද්‍රස්ථානයේ" පවතින බවයි.
පසුගිය සති දෙක තුළ යුරෝපය පුරා මෙම රෝගීන්ගේ වැඩිවීමට ප්‍රතිචාර දක්වමින්, WHO හි යුරෝපයේ කලාපීය අධ්යක්ෂ හෑන්ක් ක්ලූගේ පැවසුවේ, "මෙම වේගයෙන් වර්ධනය වන තත්ත්වය වේගයෙන් විමර්ශනය කර පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙනහැර දැක්විය යුතුයි" යනුවෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කාර්යාලය ජාත්‍යන්තර සංචාර සහ සිදුවීම් සඳහා මෑතදී පනවා ඇති වසංගත සීමාවන් ඉවත් කිරීම වේගවත් සම්ප්‍රේෂණය සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියාකළ හැකි බවට සැලකිලිමත් වේ.