ග්‍රීක මොරියා සරණාගත කඳවුරේ දරුණු ගින්නක් හා කෝලාහලයක්


ග්‍රීක දූපතක් වන ලෙස්බොස් හි සරණාගත කඳවුරක ඇතිකළ ගින්නකින් අවම වශයෙන් එක් අයෙකු මියගොස් ඇති බව ප්‍රාදේශීය නිලධාරීහු පවසති.

ඔවුන් පවසන්නේ කාන්තාවකගේ මළ සිරුරක් මොරියා කඳවුරේ තිබී සොයා ගත් බවයි.  නමුත් තහවුරු නොකළ වාර්තා පවසන්නේ තවත් දරුවෙකුද මෙම ගින්නට ගොදුරුව ඇති බවයි.

සරණාගත කඳවුරේ කලහකාරී සංක්‍රමණිකයින්ට එරෙහිව පොලිසිය පසුව කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර, ගිනි නිවන භටයන් ගින්නට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වූ බවද කියා සිටියේය.

මෙම කඳවුරේ කූඩාරම් සහ නැව්ගත කිරීමේ බහාලුම්වල පුද්ගලයන් 12,000ක් පමණ සිටිති. නමුත් එහි නිල ධාරිතාව 3,000ක් පමණි. එබැවින් එය තදබදයට තුඩු දී තිබේ.

විදෙස් මාධ්‍ය විසින් මෙම කඳවුරේ භයානක තත්ත්වය හෙළි කිරීමෙන් පසුව 2018 දී එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය විසින් එහි සරණාගතයන් ඉවත් කරන ලෙස ග්‍රීසියෙන් ඉල්ලා සිටියත් එයට යහපත් ප්‍රතිචාරයක් නොවීය.



Recommended Articles