ග්වාතමාලාවේ වර්ෂාව හා නායයෑම් නිසා ජීවිත හානි


ග්වාතමාලාවේ අධික වර්ෂාවත් සමග ඇති වූ නාය යෑම්වලින් සැලකිය යුතු ජීවිත හානි ප්‍රමාණයක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

අයහපත් කාලගුණය නිසා 500,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින ග්වාතමාලාවට මැයි මස මුල සිට ඇද හැලෙන අධික වර්ෂාවෙන් ඇති වූ පස්කඳු කඩා වැටීම් හේතුවෙන් පුද්ගලයන් 15දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීන් පවසයි.

මියගිය 15දෙනා අතරට ආදිවාසී ගම්මාන දෙකක සිට පැමිණි කාන්තාවක් සහ ඇගේ දරුවන් හය දෙනා මෙන්ම සහෝදරයන් තිදෙනෙකු, බාලවයස්කරුවන් තිදෙනෙකුද සිටින බව ස්වභාවික විපත් අවම කිරීමේ සම්බන්ධීකරණ කාර්යාලය පවසයි.



Recommended Articles