ග්වාතමාලා ජනපතිගේ ආරක්ෂකයන්ට වෙඩි


ග්වතමාලාවේ ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයන සොල්දාදුවන්ට තුවක්කුකරුවන් පිරිසක් විසින් විවෘත වෙඩි තැබීමක් සිදුකර තිබේ.

සෙනසුරාදා ජනාධිපති ඇලෙජැන්ඩ්‍රෝ දූත පිරිස වෙත ළඟාවන විට ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන් ගමන් කළ මෝටර් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ජනාධිපතිවරයා කිලෝමීටර් 2ක් පමණ දුරින් සිට ඇති අතර, ඔහුට ප්‍රහාරයෙන් කිසිදු උපද්‍රවයක් නොමැති බව පවසයි.

කෙසේ වෙතත් ආරක්ෂකයන් සහ තුවක්කුකරුවන් අතර වෙඩි හුවමාරුවේදී එක් තුවක්කුකරුවෙක් තුවාල ලබා තිබී බව හමුදා ප්‍රකාශක සඳහන් කළේය.



Recommended Articles