ග්ලැස්ගොව් කලා විද්‍යායතනය දෙවැනි වරටත් ගින්නට හසුවෙයි


ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නගරයේ පිහිටි ලෝක ප්‍රකට කලා විද්‍යායතනය ගින්නකට හසුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මීට වසරකට පෙර මෙම කලා විද්‍යායතනයේ කොටසක් ගින්නකට හසුවීමෙන් පසුව දෙවැනි වරට මෙසේ එම මැකින්ටොෂ් ගොඩනැගිල්ල නැවතත් ගින්නට හසුව තිබේ.

එම ගොඩනැගිල්ලේ ඊයේ රාත්‍රී 11.20ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, ගොඩනැගිල්ලේ විශාල ප්‍රමාණයකට ගින්නට නතුව ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම, මෙම ගින්න ඊට ආසන්න කැම්පස් රාත්‍රී සමාජශාලාවට, ඕ2 ඒ.බී.සී. සංගීත ප්‍රසංග ශාලාවට පැතිර ගොස් ඇති බව සඳහන් වෙයි.

කෙසේ වෙතත්, ගින්න හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුවූ බව වාර්තා නොවෙයි.

1_Scot Fire 2 3



Recommended Articles