ග්ලාස්ගෝ දේශගුණ ගිවිසුම සම්මත කර ගනී


දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා නව ගෝලීය ගිවිසුමකට ලෝකය එකඟ වීමත් සමග එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අවසන් විය.

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ (COP26) 26 වැනි සැසිවාරය අවසානයේදී ඊට සහභාගී වූ රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක් ග්ලාස්ගෝ දේශගුණ ගිවිසුම සම්මත කර ගත්හ.

දිරිගන්වන සුළු ප්‍රගතියක් එහිදී දැකගත හැකිවූ අතර, වෙළෙඳපොළ පදනම් කරගත් ප්‍රවේශයන් හරහා විමෝචනය කපා හැරීම සඳහා පැරිස් ගනුදෙනුව ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට මග පාදමින් කාබන් වෙළෙඳපොළ යාන්ත්‍රණයන්ට අදාළ පැරිස් ගිවිසුමේ 6 වැනි වගන්තිය මත අවසානයේ ගිවිසුමකට එළඹුණි.

විදුලි උත්පාදන ක්‍රියාවලියේදී කාබන් ඩයොක්සයිඩ් විමෝචනයේ ප්‍රමුඛ මූලාශ්‍රය වන ගල් අඟුරු ක්‍රමයෙන් අඩු කිරීමටද සාකච්ඡාකරුවන් එකඟ විය. COP ගිවිසුමක ෆොසිල ඉන්ධන පිළිබඳ ප්‍රථම පැහැදිලි සඳහන එයයි.

COP26 අතරතුර, 2030 වනවිට වන විනාශය අවසන් කිරීමට රටවල් 100කට වැඩි ප්‍රමාණයක් පොරොන්දු වී ඇත.



Recommended Articles