ගල්ෆ් මුහුදේ තෙල් ජාවාරමේ යෙදුණු බව පවසමින් ඉරාන ආරක්ෂක අංශ විසින් තවත් විදේශීය නෞකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාවේ නාවික බලගණය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, ඇතැම් අරාබි රාජ්‍යයන් වෙත ඉන්ධන ජාවාරම් සිදුකිරීමට මෙම නෞකාව කටයුතු කර ඇතැයි චෝදනා කරයි.
ඉරානය පවසා සිටියේ මෙම නෞකාවේ ඉන්ධන ලීටර් ලක්ෂ 7ක් ප්‍රවාහනය කරමින් පැවති බවය. එමෙන්ම, එහි සිටි නැවියන් 7 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවද ඔවුන් කියයි.
ඉරානයේ ඉන්ධන ක්ෂේත්‍රය ඉලක්ක කරමින් එක්සත් ජනපදය දැඩි සම්බාධක පැනවීමත් සමග මේ වනවිට ගල්ෆ් කලාපය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතව ඇති අතර, මේ සියලු සිදුවීම් ඒ සමග බැඳී පවතී.
මීට පෙර පසුගිය ජූලි 13දා ඉරානය තවත් නෞකාවක් මේ ආකාරයෙන්ම අත්අඩංගුවට ගත් අතර, එවරද ඉරානය කියා සිටියේ ඔවුන් ඉන්ධන ජාවාරමක නිරත වූ බවය.