ගල් අඟුරු සංචිත අඩුවීම නිසා ඉන්දියානු ප්‍රාන්ත රැසක් අඳුරේ


ඉන්දියාව තවදුරටත් බලශක්ති අර්බුදයක නොමැති බවට රජය පුන පුනා කියා සිටියත්, එරට රජයේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් සහ ප්‍රාන්තවල ජනතාව සමග කතා කිරීමේදී එරට ගල් අඟුරු සංචිත අඩුවීම නිසා මේ වනවිට ප්‍රාන්ත රැසක විදුලිය බිඳ වැටීම් සිදුවන බව වාර්තා වේ.

චීනයට පසු ලොව විශාලතම ගල් අඟුරු පාරිභෝගිකයා වන ඉන්දියාවේ මෙම සංචිත හිඟය හමුවේ අර්බුදය කළමනාකරණය කිරීම සඳහා කර්මාන්ත ශාලා සහ පාසල් වසා දමා ඇත.

ඉන්දියාවේ විදුලියෙන් 70%ක් පමණ සපයන ඉන්දියාවේ ගල් අඟුරු බලාගාර 135න් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකට දින තුනකට අඩු ඉන්ධන ප්‍රමාණයක් තිබෙන බව දත්ත පෙන්වා දෙයි.

අදහස් දැක්වීම සඳහා ඉන්දීය බලශක්ති අමාත්‍යාංශය වහාම ප්‍රතිචාර නොදැක්වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles