ගර්භිණී කතුන් වෙත කොවිඩ් ආසාදනය වීමේ සියයට 70ක වැඩි අවදානමක් පවතිනවාලු


ගර්භිණී කාන්තාවන්ට කොවිඩ්-19 ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බව පර්යේෂකයෝ වාර්තා කළහ.

එක්සත් ජනපදයේ, වොෂිංටන් ප්‍රාන්තයේ ගර්භිණී කාන්තාවන් අතර කොවිඩ්-19 ආසාදන අනුපාතය ප්‍රාන්තයේ වයස්ගත වැඩිහිටියන්ට වඩා 70%ක් වැඩි බව එරට පර්යේෂකයන් සිදුකළ නවතම අධ්‍යයනය පෙන්වා දෙයි.

එහිදී කළු හා ආසියානු ආදී ජනවර්ගයන්ට අයත් ගර්භිණී කාන්තාවන් අතර ආසාදන අනුපාතය අපේක්ෂිත ප්‍රමාණයට වඩා දෙගුණයක් හෝ හතර ගුණයකින් වැඩි බවද එම අධ්‍යයනය විසින් සොයාගෙන තිබේ.



Recommended Articles