ලිබියාවේ උසස් ජාතික මැතිවරණ කොමිසම හිටපු පාලක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆිගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්රතික්ෂේප කර තිබේ.
එලැඹෙන දෙසැම්බර් මාසයේ සැලසුම් කර ඇති ජනාධිපතිවරණයේ ප්රධාන අපේක්ෂකයෙකු ලෙස සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි තරග කිරීමට සූදානමින් සිටියත්, ඔහු නුසුදුස්සෙකු බව මැතිවරණ කොමිසම ප්රකාශ කළේ ඡන්දය වටා ඇති කැළඹීම තවත් උග්ර කරමිනි.
මේ අනුව කොමිසම විසින් නුසුදුස්සකු ලෙස නම් කළ අපේක්ෂකයින් 25දෙනාගෙන් අයෙකු වන ගඩාෆි අභියාචනා ක්රියාවලියක් බලාපොරොත්තුවෙන් සිටින අතර, එය අවසානයේ අධිකරණය විසින් විනිශ්චය කරනු ඇති බව කියයි. ලිබියානුවන් 98ක් පමණ මුලින් අපේක්ෂකයන් ලෙස ලියාපදිංචි වී සිටියහ.