කොසෝවෝ අගමැති අව්දුල්ලා හොටි විසින් කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති බව අගැමති කාර්යාලය නිවේදනය කර තිබේ.
කෙසේ වෙතත් අගමැතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් අයහපත් නොවන බැවින්, වෛද්‍යවරයාගේ නිර්දේශය අනුව ඉදිරි සති දෙක තුළ නිවසේ රැඳී සිටින බව එම කාර්යාලය වැඩිදුරටත් පවසයි.
"ඇත්ත වශයෙන්ම, අපට මෙහි දුෂ්කර තත්ත්වයක් තවම නැහැ. නමුත් මේ වසංගතය පාලනය කිරීමට සහ වළක්වා ගැනීමට රජය සහ සෞඛ්‍ය ආයතන හැකි සෑම දෙයක්ම කරමින් සිටිනවා" එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
කොසෝවේ රාජ්‍යයෙන් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 9,274ක් වාර්තා වන අතර, වෛරසය ආශ්‍රිතව එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 296කි.