කොවිඩ්වලින් මිදුණු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් පිය පදවියට


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඔහුගේ සහකාරිය වන කැරී සිමන්ඩ්ස් සිය කුළුඳුල් පුතාගේ උපත සිදුවූ බව දන්වා සිටියි.

අග්‍රාමාත්‍යවරයා පසුගිය කාලයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස දැඩිසත්කාර ඒකකයේ පවා ප්‍රතිකාර ලැබීමෙන් පසුව සුවය ලබා, පසුගිය සඳුදා දිනයේ සිට යළි ඩවුනින් විදීයේදී සිය රාජකාරී ආරම්භ කළේය.

55 හැවිරිදි වියේ පසුවන බොරිස් සහ 32 හැවිරිදි වියේ පසුවන ඔහුගේ සහකාරියට දාව උපන් දරුවා ලන්ඩන් රෝහලකදී මෙළොව එළියද දැක ඇති අතර, දරුවා සහ මව හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට රට තුළ දේශපාලන හිතවතුන්ගෙන් මෙන්ම ලොව පුරා මිතුරන්ගෙන් සුබපැතුම් ගලා එන බවද කියැවෙයි.



Recommended Articles