මියන්මාරය දින හතක් අඛණ්ඩව කොවිඩ්-19 වලින් දෛනික මරණ කිසිවක් වාර්තා කර නොමැති අතර, මුළු මරණ සංඛ්‍යාව 19,310ක් ලෙස නොවෙනස්ව පවතින බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පසුගිය පැය 24 තුළ දෛනික ධනාත්මක අනුපාතය 1.87%ක් සමග, නව ආසාදිතයන් 174 ක් වාර්තා වීමෙන් පසු රට තුළ සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 535,254ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
මේ අතර සුවය ලැබූ රෝගීන් 92දෙනෙකු ඉරිදා රෝහල්වලින් පිටව ගිය අතර, අග්නිදිග ආසියානු රට තුළ මේ දක්වා සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 513,193ක් දක්වා ඉහළට පැමිණ තිබේ.
අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, මියන්මාරයේ මිලියන 18.8කට අධික ජනතාවක් සෙනසුරාදා වනවිට සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත.
මියන්මාරය තුළ එන්නත්කරණයේ වේගවත්බව මෙන්ම, එන්නත් ලබාගැනීමට ජනතාව තුළ පවතින උනන්දුවත්, මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ආදී මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිපැදීමට රජයේ මෙහෙයවීම හා ජනතා උද්යෝගයද මෙසේ මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට හේතු වී ඇති බව කියයි.
මියන්මාරය එහි පළමු කොවිඩ්-19 ධනාත්මක රෝගීන් දෙදෙනා 2020 මාර්තු මාසයේදී සොයා ගන්නා ලදී.