කොවිඩ්-19 වෛරසය දිගින් දිගටම ව්‍යාප්ත වෙමින් පවතින බැවින් නව ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය නිකුත් කිරීම මාස හතක් ප්‍රමාද කිරීමට යයි.
ගෝලීය චිත්‍රපට වෙළෙඳ පොළ පිළිබඳව හොඳින් සලකා බැලීමෙන් හා ගැඹුරින් ඇගයීමෙන් පසුව 'නෝ ටයිම් ටු ඩයි' එළිදැක්වීම මෙම අප්‍රේල් සිට එළැඹෙන නොවැම්බර් දක්වා ගෙන ගිය බව නිෂ්පාදකයෝ පැවසූහ.
මීට අමතරව, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට ලොව පුරා ප්‍රමුඛතම ප්‍රදර්ශන, සමුළු, ක්‍රීඩා තරගාවලි රැසක් අවලංගු කිරීමට වෛරසයට ගොදුරු වූ රාජ්‍යයන් කටයුතු කර තිබේ.