කොවිඩ් හදිසි තත්ත්වය ඉවත් කරන බව ඇමෙරිකාව කියයි


ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක කොවිඩ්-19 හදිසි තත්ත්වය එලැඹෙන මැයි 11දා සිට ඉවත් කිරීමට ජනාධිපති ජෝ බයිඩන් අදහස් කරගෙන සිටින බව පවසයි.

පසුගියදා එරට කොංග්‍රස් මණ්ඩලය අමතමින් ඔහු මේ බව පවසා තිබේ. අද වනවිට ලොව බොහෝ රටවල් නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත්වී තිබීම හමුවේ ජනාධිපතිවරයා මෙම පියවරට පැමිණ ඇත.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කොංග්‍රසයේ කැමැත්ත ලබාගැනීමක්ද සිදුවනු ඇති බව කියයි. මෙම කාරණා සම්පූර්ණ වූ පසුව, මැයි 11දා සිට කොවිඩ්-19 ජාතික හදිසි තත්ත්වය මෙන්ම මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයද ඉවත් කිරීමක් සිදුවනු ඇති බව කියයි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට දහස් ගණනක් ජීවිත අහිමි වූ අතර, එරට ජනජීවිතයට දැඩි බලපෑමක් එල්ල වූයේ වසංගතයෙන් දැඩිව පීඩාවට පත්වූ රාජ්‍යයක් බවට පත්වෙමිනි.



Recommended Articles