කොරෝනා වෛරසයේ ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද සමගාමීව සංසරණය වීම වසංගතයේ සුනාමියක් නිර්මාණය කරනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නොම් ගෙබ්‍රයෙසුස් අනතුරු අඟවයි.
ඔහු බදාදා ජිනීවා හි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ මෙම නිවුන් තර්ජනය ඉතා ඉක්මනින් ගමන් කරන අතර, වාර්තාගත සංඛ්‍යාවකට ආසාදිත අගයන් ඉහළට ගෙනයන බවත්, එය නැවත රෝහල්ගතවීම් සහ මරණ ඉහළ යාමට හේතු වන බවත් අවධාරණය කරමිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙය සෞඛ්‍ය සේවා පද්ධති කෙරෙහි වැඩි පීඩනයක් ඇති කළ හැකි බවයි.
ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය යන රටවලට අමතරව, ග්‍රීසිය, පෘතුගාලය යන රටවලද වාර්තාගත ඉහළ ආසාදන මට්ටම් වාර්තා කළද, මෙය නත්තල් කාලය තුළ වාර්තා කිරීමේ ප්‍රමාදයන් හේතුවෙන් ආසාදිතයන්ගෙන් කොටසක් විය හැකි යැයිද බියක් ඇති කර තිබේ.
යුරෝපා සංගමයේ රාජ්‍යයන් කිහිපයක නැවුම් සීමාවන් පනවා තිබියදීත්, මේ ආකාරයෙන් ආසාදිතයන්ගේ වැඩිවීම් ඇතැම් රටවල් පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත්, ඔමික්‍රෝන් ප්‍රභේදයට සාම්ප්‍රදායික උණ මෙන් ප්‍රතිකාර කිරීම සඳහා පියවරක් ගත් යුරෝපයේ පළමු රට බවට ඉතාලිය පත්වීමට ඉඩ ඇත. එහි සෞඛ්‍ය නිලධාරීන් බදාදා සාකච්ඡා කළේ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයින් යම් ලෙසකින් ආසාදිත වුවහොත්, ඔවුන් සඳහා නිරෝධායන කාලය දින තුනත් පහත් අතර ප්‍රමාණයකට අඩුකළ යුතු බවටය.
කාර්ය මණ්ඩලය හුදකලා කිරීමට බල කිරීම සේවා දැඩි බාධාවකට තුඩු දෙන බවට බොහෝ ව්‍යාපාර කනස්සල්ල මතු කර ඇත. ඔමික්‍රෝන් යනු කොරෝනා වෛරසයේ මෘදු ප්‍රභේදයක් බව විද්‍යාඥයින් යෝජනා කළත්, රෝහල්ගතවීම් සහ මරණ අඩු කිරීමට හේතු වන නමුත්, එය බොහෝ වේගයෙන් සම්ප්‍රේෂණය වෙමින් ව්‍යාප්ත වන බව කිසිවෙකු ප්‍රතික්ෂේප නොකරන කාරණයකි.
මේ අතර ස්පාඤ්ඤයේ ඇතැම් දේශපාලනඥයන්ද රජයෙන් සිය නිරෝධායන නීති සමාලෝචනය කරන ලෙස ඉල්ලා සිටිති. ඒ රෝග ලක්ෂණ නොමැති අවස්ථා සඳහා පමණක් එහි නිරෝධායන නිර්දේශ පෙර පැවති දින 10 සිට දින 05ක් දක්වා අඩකින් අඩු කිරීමට එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් මෙම සතිය මුලදී ගත් තීරණයක් අනුගමනය කරයි.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ගෙබ්රයිසුස් අවධාරණය කරන්නේ, "කොරෝනා වෛරසයට එරෙහිව අපි සාමූහික ප්‍රතිචාරය වැඩි දියුණු නොකළහොත් අපගේ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි එය දිගින් දිගටම පරිණාමය වන තර්ජනයක් වනු ඇති." යනුවෙනි. කෙසේ වෙතත් වසංගතයේ උග්‍ර අවධිය 2022 දී අවසන් විය හැකි බව ඔහු පිළිගන්නා මුත්, එය රඳා පවතින්නේ එන්නත් සම්බන්ධයෙන් වැරදි තොරතුරු පැතිරීමට එරෙහිව සටන් කිරීම සහ ලබන වසරේ මැද භාගය වනවිට සියලුම ජාතීන් තුළ 70%ක එන්නත් අනුපාතයක් ලබා ගැනීමෙන් එන්නත් අසමානතාව අවසන් කිරීම මත පමණක් බව අවධාරණය කරයි.