කොවිඩ් සීමාවන්ට එරෙහිව චීන වැසියෝ වීදි බසිති


දකුණු චීනයේ කාර්මික අගනගරය වන ග්වන්ග්ෂෝ හි පදිංචිකරුවන් පිරිසක් අනිවාර්ය අගුලු දැමීමකට විරෝධය පළ කරමින් පොලිසිය සමග ගැටී ඇත්තේ එරට තුළ, දැඩි කොරෝනා සීමා කිරීම් පිළිබඳ කෝපය උත්සන්න කරමිනි.

සාමාජ මාධ්‍යවල හුවාමරු වන වීඩියෝවල දැක්වෙන්නේ ඇතැමුන් පොලිස් වාහනයක් පෙරළීම සහ කොවිඩ් පාලන බාධක ඉවත් කරන ආකාරයයි. කැරලි මර්දන කණ්ඩායම් මේ වනවිට එම ප්‍රදේශයට යොදවා ඇති බවද වාර්තා වේ.

එය වසංගතය ආරම්භ වූ දා සිට ග්වන්ග්ෂෝ ප්‍රදේශයේ දරුණුතම කොවිඩ්-19 පැතිරීමක් වාර්තා වන අතර, රටේ ආර්ථිකයට යම් අලාභයක් සිදුකළද ඔවුන් තවදුරටත් ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය අනුගමනය කිරීම හමුවේ දැවැන්ත ආතතියකට ජනතාව ලක්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මේ අතර, නිවසේ රැඳී සිටීමේ නියෝග යටතේ පවතින නගරයේ හයිෂු දිස්ත්‍රික්කයේ ආතතීන් ගොඩනැගෙමින් පැවතී තිබුණි.

මෙම ප්‍රදේශය දුප්පත් සංචාරක ශ්‍රමිකයින් බොහෝ දෙනෙකුගේ නිවස්නයන් පිහිටි කලාපයකි. කොවිඩ් පාලන ක්‍රියාමාර්ග යටතේ ජීවත් වන විට රැකියාවට පැමිණීමට නොහැකි වුවහොත් වැටුප් නොගෙවීම, ආහාර හිඟය සහ මිල ගණන් අහස උසට නැඟීම පිළිබඳව ඔවුහු මැසිවිලි නගති.



Recommended Articles