දැනට පවතින කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ එන්නත් අනිවාර්ය කිරීම, මුඛ ආවරණ පැලදීමේ නියෝග සහ අගුලු දැමීමේ පියවරයන්ට විරෝධය දැක්වීම සඳහා එරට ට්‍රක් රථ සහ විරෝධතාකරුවන් දහස් ගණනක් කැනඩාවේ ඔටාවා අගනුවරට රැස්ව තිබේ.
පාර්ලිමේන්තුව අවට නවතා තිබූ ට්‍රක් රථ සහ මෝටර් රථවල දිගු පෙළක් දැකගත හැකි වූ අතර, පොලිසිය විසින් ඉවත් කිරීමට පෙර ජාතික යුද ස්මාරක භූමියේ සමහරක් වාහන ගාල්කර තිබෙනු දැකගත හැකිවිය.
කෙසේ වෙතත් ප්‍රචණ්ඩකාරී ක්‍රියා වැළැක්වීම සඳහා පොලිසිය සූදානම්ව සිටි අතර, නගර මධ්‍යයෙන් ඉවත්ව සිටින ලෙස ජනතාවට අනතුරු ඇඟවීය.