කොවිඩ් සිව්වැනි රැල්ලක් ගැන ප්‍රංශය අනතුරු අඟවයි


අධික ලෙස සම්ප්‍රේෂණය කළ හැකි ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මාසය අවසන් වනවිට ප්‍රංශය වසංගතයේ සිව්වැනි රැල්ලකට යොමුවිය හැකි බවට අනතුරු අඟවමින්, කොවිඩ්-19 මර්දන එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

"දින පහක් පුරා ආසාදන අනුපාතය පහත වැටී නැහැ. එය යළිත් ඉහළ යමින් පවතිනවා. ඩෙල්ටා ප්‍රභේදය ඉතා බෝවනසුලුයි. බ්‍රිතාන්‍ය උදාහරණයෙන් පෙන්නුම් කරන්නේ ජූලි මස අග සිට සිව්වන රැල්ලක් ඇතිවිය හැකි බවයි" වේරන් ට්විටර් පණිවුඩයක් යොමු කරමින් කීවේය.

"ඒ නිසා එන්නත් ලබාදීමේ කාර්යයේදී අපි ඊටත් වඩා වේගයෙන් ගමන් කළ යුතුයි. අපේ රට කාලයට එරෙහිව තරගයක යෙදී සිටිනවා කිව්වොත් නිවැරදියි." සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.



Recommended Articles