කොවිඩ් සැබෑ ආසාදිත පිරිස තහවුරු වූ අගයට වඩා වැඩිලු


ලොව පුරා සත්‍ය ලෙසම තහවුරු කර ඇති කොවිඩ් -19 ආසාදිත පිරිස මේ වනවිට මිලියනය ඉක්මවා ගියත්, සැබෑ ආසාදිතයන් පිරිස මීට වඩා 5 සිට 10 ගුණයකින් වැඩිවිය හැකි බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහචාර්ය බ්‍රෙන්ඩන් මර්ෆි විශ්වාසය පළ කරයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා අද (03දා) පැවැත්වූ  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අදහස් පළ කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ මරණ අනුපාතය මෙන්ම, ආසාදිතයන් පරීක්ෂා කිරීමේ අනුපාතය අනුව ඇතැම් රටවල් සියලු ආසාදිතයන් හඳුනාගෙන නොමැති බවයි. එමෙන්ම ඇතැම් රටවලට පරීක්ෂා කිරීමේ පහසුකම් නිසියාකාරව නොමැති වීමද ගැටලුවක් බව ඔහු කියයි. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව මේ වනවිට වඩාත් හොඳින් තත්ත්වය පාලනය කරමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ඔහු සඳහන් කරන මෙම දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙතෙක් සනාථ කර නොමැති අතර, ඔස්ට්‍රේලියාවද ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 248ක් වාර්තා කර තිබේ. එහිදී රට පුරා ආසාදිතයන් 5,224ක් වාර්තා වි ඇත. මේ අතර වෛරසය ආසාදනය වීමෙන් එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 23කි. එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව අප්‍රේල් 2 වැනිදා වනවිට ඔස්ට්‍රේලියාව විසින් පරීක්ෂණ 270,000කට අධික ප්‍රමාණයක් පවත්වා තිබේ.



Recommended Articles