කොවිඩ් සහ ඉන්ෆ්ලුවෙන්සා සඳහා ද්විත්ව ආරක්ෂාවක්


කොවිඩ්-19 වෛරසයට සහ ඉන්ෆ්ලුවෙන්සාවට එරෙහිව ද්විත්ව ආරක්ෂාවක් සැලසිය හැකි තනි එන්නතක් නිපදවා ඇති බව චීන විද්‍යාඥ කණ්ඩායමක් ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට එම එන්නත මීයන් මත සාර්ථකව අත්හදා බලා ඇතැයිද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ෂැංහයි හි පිහිටි ෆුඩාන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් මෑතකදී Virology සඟරාවේ ප්‍රකාශයට පත්කරන ලද අධ්‍යයනයකදී නව එන්නත ඉදිරිපත් කළ බවයි.

මීයන් මත පරීක්‍ෂා කළ විට, මෙම  එන්නත, AdC68-CoV/Flu, SARS-CoV-2 ඉලක්ක කරන ප්‍රතිදේහ සහ ඉන්ෆ්ලුවෙන්සා විරෝධී ප්‍රතිදේහ යන දෙකම ඵලදායී ලෙස ප්‍රේරණය කළ අතර, SARS-CoV-2 (එහි නැගී එන ප්‍රභේද ඇතුළුව) සහ H7N9 ආසාදනයෙන්ගෙන් ආරක්ෂාව සපයන බවද අධ්‍යයනයට අනුව පෙන්වා දෙයි.

H7N9 යනු කුරුළු උණ ප්‍රභේදයක් වන අතර එය ශීත ඍතුවේ සහ වසන්තයේදී බොහෝවිට වසංගතයක් ඇති කළ හැකි බවටද අනතුරු ඇඟවීමක් තිබේ.

නව එන්නත ශ්වසන වෛරස් ඇති කරන වසංගත මැඬපැවැත්වීම සඳහා හොඳ ප්‍රවේශයක් ලෙස ප්‍රතිඵල යෝජනා කරන බව අධ්‍යයනය පවසයි.



Recommended Articles