කොවිඩ් සම්භවය ගැන WHO හි සම්පූර්ණ වාර්තාව ළඟදීම


කොවිඩ්-19 වෛරස් සම්භවය සම්බන්ධයෙන් සිදුකෙරුණු අධ්‍යයනයේ සම්පූර්ණ වාර්තාව ඉදිරි දිනවලදී එළිදැක්වීමට නියමිත බව අදාළ අධ්‍යයනය සිදුකළ ජාත්‍යන්තර කණ්ඩායමට නායකත්වය දුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරියෙක් පවසයි.

"අන්තර්ගතය දැන් සම්පුර්ණයි. අවංකව කියනවා නම්, ඉදිරි දින කිහිපය තුළ එම සම්පූර්ණ ක්‍රියාවලියම අවසන් වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. අපට එය ප්‍රසිද්ධියේ මුදා හැරීමට හැකි වනු ඇති" යනුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ වූහාන් හි සිදුකළ සංචාරයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර කණ්ඩායමේ ප්‍රධානී ලෙස කටයුතු කළ පීටර් බෙන් එම්බරෙක් පැවසීය.



Recommended Articles