ඉවත්ව යන ධවල මන්දිරයේ ප්‍රධාන වෛද්‍ය උපදේශක වෛද්‍ය ඇන්තනි ෆවුසි, බටහිර එන්නත් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් චීනය විවේචනය කර ඇති අතරම, එහි පුරවැසියන්, දිගින් දිගටම අගුලු දමා තැබීම හරහා කොවිඩ් සඳහා බීජිං සතුව උපාය මාර්ගයක් නොමැති බව පවසයි.
“පෙනෙන අරමුණකින් තොරව වසා දැමීම් වැනි ආකාරයේ ඔවුන්ගේ ප්‍රවේශය ඉතා දරුණු සහ තරමක් කුරිරුයි” ෆවුසි ඉරිදා එන්බීසී ප්රවෘත්ති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
ලබන මස අග වනවිට විශ්‍රාම ගැනීමට අදහස් කරන 81 හැවිරිදි ෆවුසි, මුඛ ආවරණවල කාර්යක්ෂමතාව සහ රංචු ප්‍රතිශක්තිකරණ ඉලක්ක වැනි කරුණු සම්බන්ධයෙන් ඔහුගේ පෙරළිය මගින් සලකුණු කරන ලද එක්සත් ජනපද කොවිඩ්-19 ප්‍රතිචාරයට නොගැලපෙන ප්‍රතිචාරයක් චීනය සම්බන්ධයෙන් මෙසේ ලබාදී තිබේ.
එමෙන්ම, ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සමාන ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්ති ප්රවේශයන් මීට පෙර ප්‍රශංසා කළද, ඔහු චීනයේ 'Zero Covid' ප්‍රතිපත්තිය මෙසේ විවේචනය කර ඇත.