පාකිස්තානයේ කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේ ඉදිරි පෙළට පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) නොමැති බවට විරෝධය පළ කළ වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය දුසිම් ගණනක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම උද්ඝෝෂණය පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තානයේ ක්වේටා නගරයේදී සිදුව ඇති අතර, එරට ජ්‍යේෂඨ පොලිස් නිලධාරියෙකුද මෙය තහවුරු කළේය.
ඊට ප්‍රතිචාර වශයෙන් තරුණ වෛද්‍යවරුන්ගේ සංගමය (YDA) බලුකිස්තානයේ සියලුම වෛද්‍ය සේවාවන් වහාම වර්ජනය කරන බව නිවේදනය කර තිබේ.
ක්වේටා හි වෛද්‍යවරුන් 13 දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළඳීමෙන් දිනකට පසුව මෙම විරෝධතාව පවත්වා තිබේ.
පාකිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි කොවිඩ්-19 ආසාදිතයන් 3,277ක් රට තුළ හඳුනාගෙන ඇති අතර, මේ වනවිට ආසාදිත පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් තිබේ.