කොවිඩ් සටනේ නියමු ඇමති මීළඟ ජපාන අගමැති වේවිලු


කොවිඩ්-19 ට එරෙහිව සටන් කිරීම භාර අමාත්‍ය ටාරෝ කොනෝ එරට මීළඟ අගමැතිවරයා ලෙස පත්වීම සඳහා ඉහළ ජනතා ප්‍රසාදයක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

අගමැති යොෂිහයිඩ් සුගා සිය ධුරයෙන් ඉවත් වන බවට කළ සිකුරාදා ප්‍රකාශය හේතුවෙන් සැප්තැම්බර් 29 වැනි දින පැවැත්වීමට නියමිත පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්ව තරඟය අවුල් ජාලාවකට ඇද වැටී තිබුණි.

අපේක්ෂකයන් විශාල පිරිසක් මෙහිදී තරග කිරීමට සූදානම් වූ අතර, පාර්ලිමේන්තුවේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ බහුතරය ලබාගන්නා තැනැත්තා එහිදී ජයග්‍රාහකයා ලෙස අගමැති ධුරය සඳහා පත්වීමට නියමිතය.

එරට අගමැති ධුරය වෙනුවෙන් සිදුකළ සමීක්ෂයන්ට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 23%ක් කියා සිටියේ කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කරන ඇමති කොනෝ මේ අවස්ථාවේදී භාර ගැනීමට සුදුසුම පුද්ගලයා බවයි. මේ බව වඩාත් සනාථ කරමින් අද පැවති මූලික ඡන්ද විමසීමේදී 31.9%ක ප්‍රතිශතයක් කොනෝට වාසිදායක විය. එහි දෙවැනි වටයේ ඡන්ද විමසීමෙන් අනුව අගමැති ධුරය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සහ චතුර ඉංග්‍රීසි කථිකයෙකු වන හිටපු විදේශ හා ආරක්ෂක ඇමතිවරයෙකු වූ 58 හැවිරිදි කොනෝ, ජපන් භාෂාවෙන් මිලියන 2.3ක අනුගාමිකයින් සංඛ්‍යාවක් සමග භාෂා දෙකකින් ක්‍රියාකාරී සමාජ මාධ්‍ය භාවිතාවක් ඇති සහ තරුණ ඡන්ද දායකයින් අතර ජනප්‍රියත්වයක් ගොඩනගා ගෙන ඇති පුද්ගලයෙකි.



Recommended Articles