කොවිඩ්-19 සටනට සූදානම් නැතිනම් තම කැබිනට් මණ්ඩලය නැවත සංශෝධනය කිරීමට හෝ රාජ්‍ය ආයතන විසුරුවා හැරීමට ක්‍රියාකරන බව ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සිය කැබිනට් මණ්ඩලයට අවධාරණය කරයි.
විඩෝඩෝ මේ බව ප්‍රකාශ කළේ එරට පැවති කැබිනට් රැස්වීමකදීය. එහි වීඩියෝව ඉරිදා ඔහුගේ කාර්යාලය විසින් නිකුත් කර තිබේ.
"මට පේන හැටියට ඔබ බොහෝ දෙනෙක් වැඩ කරන්නේ සාමාන්‍ය දෙයක් හැටියටයි. එයයි මා කෝපයට පත් කරන්නේ. ඔබ කිසිවෙකුට හැඟීමක් නැද්ද? මෙය අර්බුදයක්!" යැයි විඩෝඩෝ සඳහන් කර තිබේ.
"අපේ මිලියන 267ක ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් ඕනෑම අසාමාන්‍ය ක්‍රියාමාර්ගයක් ගැනීමට මම සූදානම්. එය කැබිනට් මණ්ඩලය නැවත සංශෝධනය කිරීමක් හෝ මේ පිළිබඳ වගකියන රාජ්‍ය ආයතන විසුරුවා හැරීමක් විය හැකියි. මම මේ සියල්ල ගැන සිතා අවසන්." යනුවෙන් ඔහු පැවසීය.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව ඉන්දුනීසියාවේ මේ වනවිට සමස්ත ආසාදිත අගය 54,000 ඉක්මවා තිබේ. එමෙන්ම එරට වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,754ක් දක්වා ඉහළ ගොස් ඇත.